දේශීය පුවත්

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘අපි කරපු සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා සමහර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සීයට එකසිය හැත්තෑව දක්වා වූ ඉහළ පොලී යටතේ ජනතාවට ණය ලබාදී තිබෙන බව. කොපමණ ආයතන සංඛ්‍යාවක් එසේ කටයුතු කරල තියෙනවද කියන්න බැහැ.

ඒ සියලු ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. අපි කාටවත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන රටක නීති පෙන්නලා එවැනි තත්ත්වයක් පාලනය කරන්න බැහැ. අපි ඒ අයටත් කතා කරල සුදුසු නියාමන ක්‍රමවේදයක් හදනවා මෙතන සමාගම් විතරක් නෙමෙයි පොලී මුදලාලිලත් ඉන්නවා. 2018 අංක 08 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත කඩිනමින් සංශෝධනය කර සියලුම මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමට අවශ්‍ය නියාමනය කිරීමටත් කටයුතු කරනවා’’ යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More