ගිනි තැබීම් සහ කැරලි ගැසීම් මුළුමනින්ම ව්‍යර්ථ කිරීම සඳහා ඇමරිකාවේ අල්කට්රාස් ක‍්‍රමයේ යාන්ත‍්‍රික සිරගෙයක් ඇඹිලිපිටියේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
දැනට මෙරට පවතින සිරගෙවල් වසර 65 කට වඩා පැරණි නිසා සිරකරුවන්ට දොරවල් කැඞීම සහ වෙනත් සාහසික ක‍්‍රියා සිදු කිරීමට ඉඩ ලැබී තිබේ.
මෙම අල්කට්රාස් සිරගෙය මුළුමනින්ම සී. සී. ටී. වී. කැමරා පද්ධති සහ සිරකරුවන්ගේ රහසිගත සැලසුම් දැන ගැනීමේ සවන්දීමේ පද්ධතියකින්ද යුක්තවේ.
මෙසේ යාන්ත‍්‍රික සිරගෙයක් මුල්වරට ස්ථාපිත කිරීමෙන් පසු සිරකරුවන්ට තම කාමර වලින් එළියට ඒමට හෝ සිරකුටි කැඞීමට නොහැකි වෙයි.
අල්කට්රාස් අධිතාක්ෂණික සිරගෙයක් මෙරට ස්ථාපිත කරන්නේ මුල්වරටය.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...