තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටියදී බුද්ධි අංශ මඟින් පෙරේදා (02) අත්අඩංගුවට ගත් යුවළ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට එම බෝම්බ රැගෙන ගොස් ඇතැයි අනාවරණය කර ගෙන තිබේ.
මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකාව හා ඇයගේ සැමියා පරන්තන්හිදී බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් පෙරේදා (02 ) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම යුවළ මේ බෝම්බය බුමුතුරුණු සහිත බෑගයක සඟවා තිබී මේ වැටලීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ කොටි ජාලය ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක බව හෙළිවී ඇති බවත් සිව් වැනි ඊළාම් යුද්ධය අවසන් වූ පසු මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට විදෙස්ගත එල්.ටී.ටී.ඊ. ජාලය උත්සාහ කළ පහළොස් වැනි අවස්ථාව මෙය බව බුද්ධි අංශ සඳහන් කරන බවත් වැඩි දුරටත් සඳහන් කරන පොලිස් මූලස්ථානය මේ කොටි ජාලය උතුර හා නැඟෙනහිර ඉලක්ක දෙකකට ක්ලේමෝ ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යෑමට සූදානම් කර ඇතැයි හෙළිවී ඇති බවද සඳහන් කරයි.
2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මිය ගිය එල්.ටී.ටී.ඊ.යේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට මේ ප්‍රහාරය සැලසුම්කර ඇතැයි මේ වන විට හෙළි කර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේද අයියකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවෙස ඉදිරිපිට නිවෙසක බවත් මේ වන විට තහවුරු වී තිබේ.
එම අඹුසැමි යුවළගෙන් ලද තොරතුරු මත ඉඩමේ වළ දමා තිබූ අත්බෝම්බයක් හමුවී තිබෙන අතර, තවත් වළ දැමූ පුපුරන ද්‍රව්‍ය සොයා එහ්ඩිනම පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කරමින් ඇති අතර, එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකාවක සතුව තිබූ ක්ලේමෝ බෝම්බය කිලෝ එකකුත් ග්‍රෑම් 800ක් බර වන වවත් වර්තා වේ.
මෙය නැඟෙනහිරට යැවීමට නියමිතව තිබී ඇති බවත් මේ බෝම්බය එම කාන්තාවට ලැබුණේ යතුරුපැදිකරුවකුගෙන් බවත් ඇය හෙළි කර ඇති අතර, ඊට විදෙස් කොටි ජාලය ඇයගේ ගිණුමට මුදල් දමා ඇති බවත් ඇය තම හත් හැවිරිදි දරුවා මේ කටයුත්තට රැගෙන ගොස් ඇත්තේ සැකයක් ඇති නොවීමේ උපක්‍රමයක් ලෙස බවත් ඇය ආරක්ෂක අංශ වෙත සඳහන් කර තිබේ.
එසේම මේ යුවළ යාපනයටත් බෝම්බයක් රැගෙන ගොස් ඇතැයි හෙළිවී ඇති අතර, මේ කණ්ඩායමේ ඉලක්කය කුමක් දැයි සෙවීමට යුද හමුදා බුද්ධි අංශය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙහෙයුමක් අරඹා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...