දේශීය පුවත්

ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර දෙසැම්බර් 02 දාතමින්; භාණ්ඩාගාර ලේකම් ,මුදල් අමාත්‍යාංශයේ ලේකම් , නීතිපති ඇතුළු අදාළ ආයතනවලට ලිඛිතව උපදෙස් ලබා දෙමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අහෝසි කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබුනි.

ඒ අතර මහජන උපයෝගීතා කොමිසමේ සේවය කළ සේවකයින් ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවට සහ ලංකා විදුලිබළ මණ්ඩළයට අනුයුක්ත කෙරෙනු ඇත.එසේම මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත අහෝසි කරමින් පාරිභෝගික සේවා අධිකාරි පනත හා විදුලිබළ මණ්ඩළ පනත සංශෝධනයට ද ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වෙයි.

ලංකා විදුලිබළ මණ්ඩළයට LNG බළාගාරයක් මගින් මෙ.වො. 300ක විදුළි මිළදී ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකා කීපයක් පසුගිය සතිවල කැබිනට් මණ්ඩළයේදී සාකච්ඡා වී තිබේ. නීතිපතිවරයාගෙන් නීතිමය නිෂ්කාශනය සහ මහජන උපයෝගීතා කොමිෂමෙන් නියාමන නිෂ්කාශනය ලබාගෙන මේ කටයුතු සිදු කළ යුතු බවට මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කලින් කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දී තිබුණද පසුගිය සතියේ හදිසියේම එම තීරණය කණපිට හරවා වෙනස් කරමින් විදුලිබළ මණ්ඩළයට කැමති පරිදි එම මිළදී ගැනීම් සිදු කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මේ අතර ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත්වීමේ උත්සාහයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වෙමින් තිබේ. New Fortress හා General Electric ඇමරිකානු සමාගම් දෙක LNG බලාගාර හරහා ලංකාවේ හදිසි විදුළි අවශ්‍යතාවට මැදිහත් වීමට කටයුතු කරමින් සිටී. මේ සඳහා වන ටෙන්ඩර් රහිත (Unsolicited) ව්‍යාපෘතිය ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිස් මහත්මිය විසින් ආණ්ඩුවට බාර දී ඇත . ට්‍රම්ප් ජනාධිපති වරයාගේ ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී ද මෙම විදුළි ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවට ලක්වී ඇත.

ශ්‍රී ලංකාව තුල විදුළි මිළදී ගැනීම්වල දී විදුළි ඒකකයක් අවම මිළට මිලදී ගැනීම සඳහාත්, ජනතාවට සාධාරණ මිළට විදුළිය ලබාදීම සඳහාත් මැදිහත් වූයේ මහජන උපයෝගීතා කොමිසමයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ විදුලිබළ මණ්ඩළයේ සමහර නිලධාරීන් පෞද්ගලික විදුළි බළාගාරවලින් අධික මිළට විදුළිය මිලදී ගැනීමට සූදානම් වෙද්දී ඒවා වැළැක්වීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කළේය.

මේ පිළිබඳව පුංචි බණ්ඩා මහජන උපයෝගීතා කොමිසමත් ඈවර කරයි? යන මාතෘකාව යටතේ ඊයේ දින අප මෙසේ වාර්තා කළේය:

ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විසින්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

නමුත්, අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රති ව්‍යුහගත කිරීමට යෝජනා කරන බව පමණි.

කෙසේ වුවද; විදුලිබළ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මේ හරහා විදුලිබළ මණ්ඩලයේ සිටින දූෂිත නිලධාරීන්ට සිත් සේ අකටයුතුකම් වල නියැළීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වීමේ අනතුරක් ද ඇතිවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More