දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළෙන්  (2) රාත්‍රියේ ඇතුළු වූ බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 6කට අයත් පවුල් 3,575 ක 12,252 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙයින් ඇතිවූ බලපෑම හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී ඇති අතර සිවුදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව දිස්ත්‍රික්කවලටත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මෙහි වැඩි බලපෑම එල්ල වූ අතර මෙයින් පීඩාවට පත්වූ පවුල් 2,911 කට අයත් 10,336 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 79 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එමෙන්ම එම දිස්ත්‍රික්කවල නිවාස 15ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 192 කට අර්ධ හානි සිදුව තිබේ.මෙහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 2,236 කට අයත් 7,779 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 829 කට අයත් 2,986 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 405 කට අයත් 1,149 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 74 කට අයත් 236 දෙනෙක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 10 කට අයත් 41 දෙනෙක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 21 කට අයත් 91 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට වාර්තා වී නොමැති බවත්, ජනතාව පෙර සූදානමකින් යුතුව එයට මුහුණදීම හේතුවෙන් ද හානි අවම වූ බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More