දේශීය පුවත්

මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“

මේ අතර රාගම රෝහලෙන් පළා ගිය මහර රැඳවියා අද (03) උදේ ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් සොයාගැනුණි.

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම රැඳවියා ඊයේ රාත්‍රීයේ පළාගොස් තිබුණි .

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ විමර්ශනවල දී අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී එම රැඳවියා සොයා ගැණුනි.

32 හැවිරිදි සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තිබේ.

පසුගිය 29 වැනි දා මහර බන්ධනාගාරයේ ඇති  වූ ගැටුමෙන් රැඳවූවන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

තුවාල ලැබූ රැඳවූවන් ගණන 106කි.

ඉන් 28දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත්, තවත් රැඳවියෙක් කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබති.

සුළු තුවාල ලැබූ රැඳවියන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යළි මහර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ විමර්ශන ආරම්භ කළේය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර යන අය වේ.

එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්ද අද මහර බන්ධානාගාරය වෙත පැමිණ සිටි බව සඳහන් වේ.

මේ අතර ගැටුමට මැදිවූ රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බන්ධානාගාර ආරක්ෂක කුටිය වෙත කැඳවා ඡායාරූප පෙන්වමින් තොරතුරු එක්රැස් කිරීමත් අද සිදුවුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More