දේශීය පුවත්

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධව අද පස්වරුවේ (03) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද ඊයේ (02) පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදී චන්දිම වීරක්කොඩි ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හදුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More