අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා කොළඹ අගරදගුරු නිළ නිවස වෙත; සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ;
“දැන් අපේ කතෝලික ජනතාව, දෙනෙත් විවෘත කරගෙන බලාගෙන ඉන්නේ මේ මහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත තත්ත්වය කවදාද එළියට එන්නේ කියන එක ගැන. කණ්ඩායමක් අල්ලාගෙන ඉන්නවා, නමුත් ඒ කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා මේ විග්‍රහය කෙරෙනවා ද කියන එක ගැන අපි අඳුරේ ඉන්නේ. දැන් මේ කොමිෂන් සභාවේ වැඩකටයුතු දෙසැම්බර් මාසයේ 20 වෙනි දා වන විට ඉවර කරන්න තියෙනවා කියන නිව්ස් එක අද පත්තරේ ගියා. ප්‍රශ්න කිරීම් අරව මේවා සිදුවෙලා තියෙන්නේ, දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශනය කරපු නිලධාරීන්, ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවදානයක්, වැඩි දින ගණනක් යොමුවෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම ඒ කාරණාවලට මුදල්හදල් ලබාදීම ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ප්‍රමාණයක විමර්ශනයක් හෝ කරුණු විපරම් කිරීමක් සිදුවෙනවා ද කියන ප්‍රශ්නය තාමත් අපේ හිතේ ඇතිවෙලා තියෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනය පිටිපස්සට තල්ලු කරන්න එපා එදිනෙදා එන ප්‍රශ්න නිසා. ආරක්ෂක අංශ නිදාගන්න හොඳ නෑ මේ කරුණ සම්බන්ධව, සිදුවුණ සිදුවීම සම්බන්ධව. ඒ නිසා දේශපාලන වාසි ලබා ගන්න, එහෙම නැතිනම් ඩීල් සංස්කෘතියක් ඇති කරන්න ඒවා වලට යට වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම වෙනදා සිදුවුණා වගේ කාපට් එක යට ගහන්න කිසිදු උත්සාහයක් දැරිය යුතු නෑ. ඒක කෙරෙන්නේ නැතිනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම්වලට මේ වගකීම භාරදෙන්න වෙනවා. මේ රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම වුණොත්.“
කාදිනල් හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු කවින්ද ජයවර්ධන මහතා,
“8 වන පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වුණා මෙම බැටිකලෝ කැම්පස් එකට අදාළ සියලූම වත්කම් හා බැරකම් රජයට පවරා ගෙන මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියලා. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන්නේ රජයෙන්. විශ්වවිද්‍යාල නියාමන කොමිසමේ කිසිදු අනුමැතියක් ලබා දී නෑ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් මුදල් ලැබිලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ පිළිබඳව මහබැංකුව සහ ඒ පිළිබඳව රජය ගන්න ක්‍රියාමාර්ග මොනවා ද?“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...