පුරවැසි කොලම

චීත්ත අදින පිරිමි සරදම් කරනකොට

ගෑණියෙකුට පුළුවන් පිරිමියෙක් වගේ ආත්ම විශ්වාසය ගොඩ නගන්න.

පවිත්‍රා වන්නි ආරච්චි රටේ විහ්වාසය හදනවා.⭕

LTTE යුද්ධයට පස්සේ අපි මුණ දෙන දැවැන්තම උවදුර කොවිඩ් 19 උවදුර. ඒකට මුණ දෙන්න තාක්ෂණය වෛද්‍ය විද්‍යාව රසායන විද්‍යාව අවශ්‍ය කරනහැමදේම තියෙන ඇමරිකාව පරාද වෙනකොට

පවිත්‍රා වන්නිආරච්චි අපට සෞඛ්‍ය ඇමතිනිය ලෙස විශ්වාසය හදනවා.⭕

මේ වෙලාවේ ලංකාව වගේ දුප්පත් රටවලට මේ උවදුර මැඩගන්න ඉතිරිව තිබෙන්නේ සමාජයේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම විතරයි.

පවිත්‍රට හිනාවෙන චීත්ත පිරිමි කොරෝනා රෝගියෙක්ට ගව් ගානක් ඈතින් යන්න උත්සාහ කරන කාලයේ ලංකාවෙන් මුලින්ම මෙම රෝගයෙන් සුවපත් කරපු චීන කාන්තාව සිප වැලද ගනිමින් රටට පෙන්නුවේ රෝගය සුවවීමෙන් අවධානමක් නැති බවේ විශ්වාසය.

ලෝකයට පෙන්නුවේ තමන්ගේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන තිබෙන ආත්ම විශ්වාසය.🔴

හැබැයි ලෝකයක් ඒ ගැන ස්තූති පුර්වකව බලනකොට අපේ රටෙි චීත්ත පිරිමි හිනා වුනා

දෙවැන්න ඇය ගංගා ජලයට පිරිත් පැන් එකතු කිරීම.

ඇය බෞද්ධ කාන්තාවක් තමන් සෞඛ්‍ය ඇමති ලෙස බෞද්ධ විශ්වාසය මේ උවදුරට විශ්වාස කරන බව පෙන්වමින් ඇය කලෙත් රටෙි ආත්ම විශ්වාසය ඉහළ නැංවීම බහුතර බොද සමාජයේ නොපෙනෙන උවදුරු වලට බෞද්ධ පිළිවෙත තදින් විශ්වාස කරනවා එයත් ආත්ම විශ්වාසය ඉහළ නැංවීමක්.🔴

හැබැයි ඒකටත් අපේ සමහර චීත්ත පිරිමි ඇයට හිනාවුනා අපහාස කළා සරදම් කලා.

අනෙත් කාරණාව මම දැක්කේ ඊයේ
සෞඛ්‍ය ඇමතිනිය ආයුර්වේද ඖෂධය පානය කරලා රටටම පෙන්නුවා. ඒ ආයුර්වේද බෙහෙත Covid 19 වෛරසයට හරිද නැද්ද යන්න අනාගත දිනයක වෛද්‍ය විශේෂඥයන් තීන්දුවක් දේවි. පවිත්‍රා ඇමතිනිය රටට පණිවුඩය සමාජගත කළා . ආයුර්වේද නෙවේ යම් ඕනෑම බෙහෙතක් ඔබ වෙනුවෙන් මම අත්හදා බලනවා යන ආත්ම විශ්වාස ගත පණිවුඩය සමාජගත කලා..🔴

ඒකටත් මම දැක්කා චීත්ත පිරිමි පවිත්‍රාට බනිනවා අපහාස කරනවා .

සෞඛ්‍ය ඇමතිනිය ලෙස ඇයට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වැක්සීනයක් හදලා දෙන්න බැරුව ඇති.

නමුත් ඇය රටේ සෞඛ්‍ය පද්ධතිය මගින් කලහැකි උපරිමය කරමින් රටේ ජනතාව මානසික විශ්වාසය ඇති කරමින් ගෑණියක් විදිහට කල හැකි උපරිමය කරනවා..‼️

මේ වෙලාවේ පවිත්‍රා වෙනුවට සෞඛ්‍ය ඇමති ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටියනමි අනිවාර්යයෙන් මේ උවදුර මීට වඩා ව්‍යාප්ත කරගෙන🔺

මේ වෙලාවේ පවිත්‍රා වෙනුවට රාජිත සේනාරත්න හිටියනම් ⁣වෛද්‍යවරු හෙදියන් සුළු සේවකයන් රසායනාගාර සහායකයන් පෝලිමට වර්ජනය කරගෙන.🔺

පවිත්‍රා ගැහැණියක් ලෙසට පිරිමි චරිතයක බර අදිනවා.⚠️️

අඩුපාඩු තියෙන්න පුළුවන්. කිසිවෙකු 100% සර්වතෝභද්‍රික නෑ.

නමුත් හිනාවෙන පිරිමි
වැඩ මග අරින පිරිමි
නටන්න බැරි කමට පොලවේ ඇද හොයන පිරිමි

දාහක් අතරේ තනිගෑණියක් මේ උවදුර වෙනුවෙන්

රටේ ඉහළම උගතුන් කියන වෛද්‍ය සේනාවක් එක්ක

රටේ එඩිතරම පිරිස කියන හමුද සේනාව එක්ක

රටේ ජනතාවට ආත්ම විශ්වාසය හදමින් රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසය තහවුරු කරමින්

චීත්ත පිරිමි හිනා මැද අපහාස මැද සටනක යෙදිලා ඉන්නවා.🔺

පවිත්‍රා මම දකින්නේ මේ ආන්ඩුවේ පවරන වගකීම් ඕනෑම එකකට විසදුම් හොයන්න දත කන ඒ වෙනුවෙන් ඕනෑම කරපකිරීමක් කරන සීමිත කීපදෙනාගෙන් එක චරිතයක් විදිහට.

මේ වෙලාවේ ⁣රටේ සෞඛ්‍ය ඇමතිනිය ශක්තිමත් කරනවා මම මොනම පැත්තෙන් වත් දකින්නේ නෑ . පාර්ලිමේන්තුව ඇතුලේ පවා විපක්ෂය ඉතා කැත අන්දමට ඇයට අපහාස කරනවා දකිනවා

ඒත් පවිත්‍රා ඒවටත් උත්තර දීගෙන තමන්ගේ කාර්යභාරය ඉටුකරමින් ඉන්නවා. ඇයට සහ රටේ සෞඛ්‍ය අංශ හමුදාවට අත දෙන්න නැතත්

හැබැයි ඒ ගෑණිට හිනාවෙන්න
වරදිනකල් ඇගිලි ගනින
පිරිමි “රූප ‘ එමට. ඉන්නවා 😂

………… නුවන් මොණරවිළ …



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More