දේශීය පුවත්

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ, කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි. “කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණා.

කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, හෙරොයින් වැනි මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කෙරෙනු ඇති.

ඊට අදාළ යෝජනාවට, මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53න් 27ක් ම පක්ෂව ඡන්දය දී තිබූ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සාමාජිකයන් 25ක් පමණයි.

එක් පාර්ශ්වයක් ඡන්ද විමසුමට සහභාගී වී නැහැ.

මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටව ඇති කංසාවල ඖෂධීය හා චිකිත්සක ගුණ හඳුනාගැනීමට මේ තුළින් වැඩි අවස්ථාවක් උදාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙනවා.

කෙසේ වෙතත් කංසා වර්ගීකරණය සම්බන්ධයෙන් එක් එක් රටවල් පවත්වාගෙන යන අධිකරණමය බලතල පවතින බැවින් කංසා සඳහා පවතින ජාත්‍යන්තර පාලන ක්‍රමවේද, එම තීරණය ඔස්සේ ලිහිල් නොවන බව විශේෂඥයන් පවසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More