පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත්ව කොමිෂන් සභා හතකට සභාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 37 දෙනෙකු ජනාධිපතිවරයා විසින් නම්කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නීර්ණ කොමිෂන් සභාව එම කොමිෂන් සභා හතය.
එහි සභාපතිවරුන් සහ අනෙකුත් සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා නම්කර ඇති අය මෙසේය…
මැතිවරණ කොමිෂන් සභාව – නිමල් ජී. පුංචිහේවා (සභාපති), එම්.එම්. මොහොමඩ්, එස්.බී.දිවාරත්න, ජීවන් ත්‍යාගරාජා, කේ.පී.පී. පතිරණ
රාජ්‍ය සේවා කොමිෂන් සභාව – ජගත් බාලපටබැදි (සභාපති), ඉන්ද්‍රාණී සුගතදාස, ලීලසේන ලියනගම, ටී.ආර්.සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්.එච්. පියදාස, දිලිත් ජයවීර, වී. ඥාණසෝති, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම්
ජාතික පොලිස් කොමිෂන් සභාව – චන්ද්‍රා ප්‍රනාන්දු (සභාපති), එස්. ලියනගම, ඒ.එස්.පී.එස්. ප්‍රියන්ත සංජීව, එම්.එස්.එම්. සම්සුදීන්, ප්‍රේමසිරි පෙරේරා, ගුණපාල වික්‍රමගේ, ටී.පී. පරමේෂ්වරන්
මානව හිමිකම් කොමිෂන් සභාව – ජගත් බාලසූරිය (සභාපති), විජිත නානායක්කාර, අනූෂ ෂන්මුගනාදන්, හර්ෂ නවරත්න, නිමල් කරුණාසිරි
අල්ලස් කොමිෂන් සභාව – විශ්‍රාමික විනිසුරු ඊවා වනසුන්දර (සභාපති), විශ්‍රාමික විනිසුරු දීපාලි විජේසුන්දර, චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ
මුදල් කොමිෂන් සභාව – සමිත් අබේසිංහ (සභාපති), මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, එස්.ආර්. ආටිගල, රශීක් ෂාරුක්, සින්නතම්බි සමිතම්බි,
සීමා නීර්ණ කොමිෂන් සභාව – මහින්ද දේශප්‍රිය (සභාපති), ජයලත් රවී දිසානායක, පී.එච්.ජී. ප්‍රේමසිරි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...