ප‍්‍රධාන පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද වඩාත්ම වැදගත් යැයි හඳුන්වනු ලබන විනාඩි 46ක ජනතාව ඇමතීම සිදු කරමින්, ඔහු ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය ආරක්ෂා කරන බවට සපථ කරමින් මෙසේ ප්‍රකාශ කර සිටියාය:

“ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීමට වඩා ඉහල රාජකාරියක් මා සතුව නැත. ඒ නිසාම, දැනට “හුදකලා කර පහර දීමේ ක්‍රමෝපායන්ට” යට වී ඇති “මැතිවරණ ක්‍රමය” ඉන් මුදවා ගැනීමට වූ දැඩි අධිෂ්ඨානයකින් මම පසුවෙමි.”

2020 ජනාධිපතිවරණ තරඟය තුළ සිදු වී ඇති බරපතළ මැතිවරණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම තරඟයේ විශ්වාසනීයත්වයට හානි සිදු වී ඇති බව ඔහුගේ දීර්ඝ විස්තර කිරීම තුළ ඔහු පෙන්වා දුන්නේය.

Covid – 19 අර්බුධය හමුවේ පැවැත්වීමට සිදු වූ මෙම ජනාධිපතිවරණයේදී; ඡන්දදායකයින් විසින් පුරවා තැපැල් මගින් එවන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ස්වාභාවිකවම ඉතා ඉහල ගිය බවත්, එම කාරනාවම උපයෝගී කරගනිමින් පෙර කිසි දින නොවූ විරූ විශාල පරිමාණයේ ඡන්ද මගඩි සිදු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියාය.
කිසිදු “ආරක්ෂක සළකුණක්” නොමැති ඇමරිකාවේ මෙම ඡන්ද පත්‍රිකා; ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය විසින් මුද්‍රණය කර ඩෙට්‍රොයිට්, ෆිළඩෙල්ෆියා, මිල්වාකී, ඇට්ලන්ටා ඇතුලු ප්‍රාන්ත බොහෝ ගණනක කිසිවෙකුත් නොදන්නා පුද්ගලයින් මිලියන ගණනකට යැවීමෙන්, මෙම ඡන්ද මගඩි සිදු කර ඇති බවට චෝදනා කරන ඔහු මෙම සියලු ඡන්ද මගඩි පිළිබඳව හෙළිදරව් වී තිබියදීත්, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යය “බයිඩ්න් ජයග්‍රාහකයා ලෙස අභිෂේක කිරීමට” හදිසි වීම කණගාටුවට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Covid – 19 අර්බුධය හමුවේ මතු වී ඇති නව තත්වය කල් තබාම හඳුනාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලකයින් සහ එම පක්ෂයට සහාය දක්වන සමහර විනිසුරුවරයින්, ඉන් බයිඩ්න්ගේ ජයග්‍රහණය සඳහා අයුතු වාසි ලබා ගත හැකි ආකාරයට මැතිවරණ ක්‍රියාදාමයේ වෙනස් කම් කිරීමට මැතිවරණයට මාස කිහිපයකට පෙර සිටම කටයුතු කර ඇති බවට ට්‍රම්ප් වැඩිදුරටත් චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කර සිටියේය.

මැතිවරණය පසු වී මාසයක කාළයක් ගතවී ඇතත් තවම ජයග්‍රාහකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති තත්වයක් යටතේ, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යය බයිඩ්න්ට “ජයග්‍රාහකයා” නාමය පටබඳිමින් සිටින අතර බයිඩ්න්ට සහ ඔහුගේ කණ්ඩායමට බළය හුවමාරු කිරීම සඳහා අවශ්‍ය පසුබිම ද නිර්මාණය කරමින් සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More