දේශීය පුවත්

2014 වසරේ අප්‍රෙල් මසදී මිය ගිය ගෝපිනාදන් නොහොත් ගෝපි  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකි. ඔහු ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවකට ලබා දීම සඳහා ඊයේ (02) සවස කිලෝ ග්‍රෑම් 15ක් බරැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී සැකපිට දෙදෙනෙකු කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

සැකකරු සහ සැකකාරිය ලිනොච්චිය පරන්තන් ප්‍රදේශයට බස් රථයකින් පැමිණි අවස්ථාවේදී යුදහමුදාවේ බුද්ධි අංශය, ත්‍රස්ත විමර්ශන අංශය සහ කිලිනොච්චිය පොලීසිය එක්ව කළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් ඉලයක්කච්චි ප්‍රදේශයේ ස්ථානයකට ක්ලේමෝ බෝම්බය රැගෙන යන බව හෙළිදරව් වූ බව කිලිනොච්චිය පොලීසිය ප්‍රකාශ කර සිටී. ඔවුන්ගෙන් ලද තොරතුරු හමුවේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි ගෝපි කොටි සාමාජිකයාගේ මව යැයි සැකකරෛන කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී එම කාන්තාවගේ ගෙවත්තේ වලදමා තිබූ තවත් යුද උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබේ. එම භාන්ඩ සමඟ එම ස්ථානයේ පදිංචිව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීමට කටයුතු කළ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් භාන්ඩ අතර ප්ලාස්ටික් බැරලයක ආරක්ෂිතව වලදමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තෝල උණ්ඩ 50 ක්, ටී.56 උණ්ඩ 20 ක්, ස්නයිපර් ගිනි අවියකට භාවිතා කරන බවට සැකකෙරෙන දුරේක්ෂයක්, ගිනි අවි පිරිසිදු කරන ලිහිසි තෙල් බෝතල් දෙකක්, වීඩියෝ කැමරාවක්, පිස්තෝල පූචස් දෙකක්ද වන බව පැවසේ.

සැක පිට අත්අඩංගුවට ගනුලැබූ අය වන්නේ 67 හැවිරිදි සෙල්වනායගම් රාසමලන් , 62 හැවිරිදි කුලසිංහම් කුගනේස්වරී, 35 හැවිරිදි දයානිජන් අම්බිකා සහ 29 හැවිරිදි සිංහරාජා දයානුජන් යන අය බවද කිලිනොච්චිය පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් ආයුධ තොගය භාවිතයට සුදුසු මට්ටමේ පැවතීම හේතුවෙන් කුමන කරුණක් සඳහා ඒවා ළඟ තබාගන්නට ඇත්දැයි යන්න පිළිබඳව පොලීසිය හා ත්‍රස්ත මර්ධන අංශය විසින් ප්‍රශ්න කිරීම් හා පරික්ෂණයන් අරඹා ඇති අතර සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් ගෝපි නැමත්තා සහ අප්පන් නැමැත්තා කටයුතු කළ අතර යුද්ධය අවසන් වීමෙන් පසුව 2014 වසරේ අප්‍රෙල් මසදී වව්නියාව නෙඩුන් කේනි ප්‍රදේශයේදී යුද හමුදාව සමග දැඩි සටනකින් පසුව මිය ගිය අතර එහිදී යුද හමුදා සෙබලෙකුද කොටි වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More