ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව පසුගිය 24 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් භාරදෙන ලදී.
ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අදාල වාර්තාවේ ඇතුලත් කරුණු ප්‍රකාරව මහා නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල මත පදනම්ව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277 (ඓ)(අ), (ඇ).(ඈ) සහ (ඉ) වගන්ති වල සදහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, 2020.12.02 දින සිට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අළුවිහාරේ මහතා සිය ධූරයෙන් පහකර ඇති බව නිවේදනය කර සිටී.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත් කර තිබුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...