දේශීය පුවත්

Covid – 19 වෛරසය 2019 ජනවාරි 31 දින චීනයේ වූහාන් නගරයෙන් සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පැතිරෙමින් තිබූ බව දැන් හෙළිදරව් වෙමින් පවතී.

ඇමරිකාවේ “රෝග වැලැක්වීමේ සහ මර්ධනය කිරීම සදහා වන ආයතනය” [US Centers for Disease Control and Prevention (CDC)] විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙම සොයා ගැනීම් සිදු කර ඇති අතර ඇමරිකාවේ රෙඩ් ක්‍රොස් (Red Cross) ආයතනය විසින් ද මෙය වාර්තා කර තිබේ.

ඇමරිකාවේ පර්යේෂකයින් විසින් 2019 දෙසැම්බර් 13ත් 2020 ජනවාරි 17ත් අතර ප්‍රාන්ත නමයක (09) පුද්ගලයින් 7,400 ක් විසින් කරන ලද “ලේ පරිත්‍යාග සාම්පල” පරීක්ෂා කිරීමේදී ඉන් 106ක මෙම වෛරසය තිබූ බව දැන් හෙළිදරව් වෙමින් පවතී.

ඒ අනුව චිනයේ මෙම Covid – 19 වෛරස පලමු රෝගියා වාර්තා වීමට මසකට පෙර ඇමරිකාවේ පැතිරෙමින් තිබූ බව දැන් සනාථ වෙමින් පවතී.

ඇමරිකාව පුරා පිහිටි රෝහල් වල 2019 වසරේ අග භාගයේ දත්ත විශ්ලේෂණ වාර්තා මගින් දැන් සනාථ වෙමින් පවතින්නේ එම රෝගීන්ට එම වකවානුවේ “දැඩි කැස්ස සහිත ස්වසන ආබාධයන්” තිබූ බවයි.

ඒ අතර ඉතාලියේ සහ ජර්මනියේ අධ්‍යයන වාර්තා මඟින් ද සනාථ වෙමින් පවතින්නේ එම රටවල් දෙකෙහි ද Covid – 19 වෛරසය 2019 දෙසැම්බර් මුල් වකවානුවේ සිට පැතිරෙමින් තිබූ බවයි.

ස්පාඤ්ඤයේ අධ්‍යයන වාර්තා මගින් පෙන්වා දෙමින් පවතින්නේ එරට අපිරිසිදු ජලය තුල Covid – 19 වෛරසය 2019 මාර්තු මස සිට එනම් චීනයේ පලමු සොයා ගැනීමට මාස 09 කට පෙර සිට තිබී ඇති බවයි.

Covid – 19 වෛරසය මුලින්ම පැතිරුන ස්ථානය හෝ ප්‍රදේශය තවමත් නිෂ්චිතවම සොයාගෙන නැතත් දැන්, දැන් හෙළිදරව් වන නවතම තොරතුරු වලින් මෙය “ඖෂධ මාෆියාවේ” පූර්ව සැළසුමකට අනුව සිදුවූවක් යන සැකය සනාථ වෙමින් පවතී.

තත්වය මෙසේ තිබියදී, මේ වනවිට ඇමරිකාවේ පුද්ගලයින් මිලියන 13.8 කට මෙම වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් පුද්ගලයින් 271,000 දහසකට වඩා මිය ගොස් තිබේ.

කෙසේ වුවද ආරම්භයේ සිටම මෙය චීනයෙන් පැතිරුන බවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය මඟින් ප්‍රබල ලෙසම උපුටා දැක් වූ අතර මේ වනවිට ලොව පුරා විශාල ජනතාවකගේ මනසෙහි පැළපදියම් වී ඇත්තේ එම මතයයි.

චීනයේ දැඩි විරෝධතාවය මධ්‍යයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන්ම පවසමින් සිටියේ මෙය “චීන වෛරසයක්” බවයි.

නමුත් දැන්, දැන් එයට විකල්ප මතයන් එළිදැක්වෙමින් තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න.
https://www.rt.com/usa/508447-coronavirus-us-before-china/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More