බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයෙන් අදත් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනාම වාර්තා වන්නේ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකිනි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) හඳුනාගත් ආසාදිතයින් 130දෙනා අතුරින් 96 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ දැනට හුදකලා තත්ත්වයේ පවතින අටුලුගම ප්‍රදේශයෙනි.
කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ අටුලුගම ප්‍රදේශයේ 425 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ඊයේ යොමු කෙරුණු බවත් ඉන් 96 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවත්ය.
එමෙන්ම තවත් 475 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.
මේ අනුව අටුලුගම ප්‍රදේශයේ කොවිඩ් පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 327කි.
අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ අද පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණේ රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමිනි.
මේ අතර වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමග වැලිපැන්න පොලිස් ස්ථානයේ සහ මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්ත පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබුණි.
එම වාර්තා ඊයේ (01) ලැබුණු අතර තවත් පොලිස් නිලධාරීන් 27 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...