දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ’ යනුවෙන් නව තනතුරක් ඇති කර ඒ සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුස්සෙක් පත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් නීල් අතුකෝරාළ ඊයේ (02 වැනිදා) පැවසීය. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට අදාළ සියලු වරප්‍රසාද මෙම තනතුරට ද ලබා දීමට නියමිත නමුත් ඒ සඳහා පත් කිරීමට සූදානම් වන්නේ ගුරු සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුද්ගලයකු යැයි ද ලේකම්වරයා කීවේය.

මෙම පුද්ගලයා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගුරු වෘත්තීය සමිතියක තනතුරක් දරන බවත් අවම වශයෙන් ගුරු පුහුණුවක් හෝ ලබා නැති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම තනතුර සඳහා නුසුදුස්සෙක් පත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. මේ පිළිබඳව විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More