කුඩා කල සිටම පසුගාමී සමාජ ආකල්පයන්හි බාධාවන් අභියෝගයක් කරගත් ආශා ඩි වෝස් අවසානයේ සියලු අභියෝග ජය ගනිමින් ලොව ප්‍රචළිත සාගර විද්‍යාඥවරියක් බවට පත් වූ අතර “සීකෝ” ඔරලෝසු නිෂ්පාදකයින් අනුග්‍රහය දක්වන “ස්කූබා ඩයිවින්” සංවිධානය විසින් ඇයව “2020 සාගර වීරවරිය” ලෙස නම් කර තිබේ.
ඇය විසින්, ලොව විවිධ සාගර කළාපයන්හි ජීවත් වන තල්මසුන් සහ ඔවුන්ගෙන් සාගර සහ භූමි පරිසර පද්ධතීන්ට වන මිළ කළ නොහැකි සේවාවන් සම්බන්ධයෙන් සිදු කළ පුලුල් අධ්‍යයනයන් වලින් අනතුරුව කරන ලද නවමු හෙළිදරව් පිළිබඳව ලොව ප්‍රචලිත ඇයගේ TED Talks දේශනා බොහෝ අයගේ ප්‍රශංසාවට ලක් වී ඇත.
ශ්‍රී ලංකාවේ සාගර කළාපයේ වෙසෙන නිල් තල්මසුන්ට ඉමහත් ආදරයක් දක්වන ඇයට, සාගර සම්පත් සුරැකීම සහ ඒ පිළිබඳව පුලුල් අධ්‍යයනයන්ට අනාගත පරපුර යොමු කිරීම අරමුණු කරගෙන ඇයගේ පුරෝගාමිත්වයෙන් පිහිටුවා ඇති “Oceanswell” ආයතනයට ඩොළර් 5,000/=ක ප්‍රදානයක් ද මෙම සම්මානයට අමතරව “සීකෝ” ඔරලෝසු නිෂ්පාදකයින් විසින් ඇයට ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...