දේශීය පුවත්

හේන් කෙටූ භූමියෙන් ජනතාව පළවා හැර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත් මෙම ඉඩම් වල ජනතා බදු මුදළින් පැල සිටවා රක්ෂිතයක් බවට පත් කර ඇත්තේ දශක කිහිපයකට පෙරය.

මේ අතර, වර්තමාන ආණ්ඩුව මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැබලි 15ක අක්කර 5426ක් නීති විරෝධී ලෙස සමාගම් ගණනාවකට ලබාදී ඇත.

ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු අනුමැතියක් ලබා නොගෙන නීති විරෝධී ලෙස මෙම ඉඩම් සමාගම් වලට ලබා දී ඇති අතර ඉන් මේ වනවිට අම්පාර දිස්ත්‍රක්කයේ පොල්ලෙබැද්ද ගල්වලයාය ගම්මානයේ රඹකැන් ඔයට මායිම් වන රක්ෂිතයේ අක්කර 500කට අධික භූමි ප්‍රමාණයක් විශාල පරිසර විනාශයක් කරමින් හෙලි පෙහෙලි කර ඇත්තේ කිසිදු ඉවක් බවකින් තොරවය.

පරිසර පණතට අනුව හෙක්ටයාර 1කට වැඩි ඉඩමක් ඩෝසර් යොදා හෙලි පෙහෙලි කරන්නේ නම් පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්‍යය වුවද ඒ කිසිදු වාර්තාවක් මෙම සමාගම් ලබාගෙන නොමැති අතර උදැල්ලකට මිටක් කපා ගත්තත් අහිංසක ගැමියන් හිරේ විලංගුවේ දමන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙන්ම පරිසර අධිකාරියේ නිළධාරීන් ද මෙහිදී මුනිවත රකිමින් සිටීම ගැටලු සහගතය.

පරිසර රාජ්‍ය ඇමති විමලවීර දිසානායකගේ මැතිවරණ බළ ප්‍රදේශයට අයත් මෙම ගම්මානයේ වැසියන් මේ හේතුවෙන් අන්ත අසරණව සිටින අතර “බින්තැන්න බැද්ද සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ” නමින් සංවිධානාත්මකව මෙම ව්‍යසනයට එරෙහි වීමට ඔවුන් පෙරමුණ ගනිමින් සිටී.
https://www.facebook.com/114918866859581/videos/288151492625431



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More