දේශීය පුවත්

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් මේ සභාවේ ඉන්න අවස්ථාවේ කිව යුතුයි, අපේ යහපාලන ආණ්ඩුවෙත් පළමු අවුරුද්දේ එක දවසකවත් කවුරුත් කිව්වේ නෑ සර් ෆේල් කියලා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ෆේල් කියලා යැයි විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී හිටපු ජනපතිවරයා ඉදිරියේදී ම ප්‍රකාශ කරන ලදී.

එහෙත් ඒ ආණ්ඩුවේ දෙවන හා තුන්වන වසර වන විට නායකයින් දෙපළක් සිටි නිසා බල අරගලයක් ඇති වූ බව ද ‍ප්‍රශ්න ඇති වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තිබෙන මේ ආණ්ඩුව අවුරුද්දක් යාමටත් මත්තෙන් කුජිත වී පනුවෝ ගසා ඇති බවද අවධාරණය කරන මන්ත්‍රීවරයා මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ එකම උත්සාහය සර් ෆේල් නැති බව පෙන්වීම බවද පෙන්වා දෙයි.

හිටපු ජනපති සිරිසේන මහතා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දස දහස් ගුණයකින් හොඳ බව මේ වන විට රටේ ජනතාව ද ප්‍රකාශ කරන බව ද බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More