දේශීය පුවත්

මාවනැල්ල, දෙවනගල ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදී සමන් විජයබණ්ඩාර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් ඊයේ (01) මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය ,යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි චෝදනා කළේය.

“මෙතන තියෙන ප්‍රශ්නය පොලින් නීතිය අන්තවාදීන් පිලිනොගැනීම. මැනීමේ කටයුතු අවසන් වෙනකම් හමුදා ආරක්ෂාව දෙන්න. “ විහාරාධිපති හිමියන් සඳහන් කළේය.

ඒ පිළිබඳ සොයා බැලීමට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මාවනැල්ල දෙවනගල ප්‍රදේශයට වැඩම කළහ.

අදාල මුස්ලිම් ජනතාව හමුවේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සඳහන් කළේ “මෙතන මොකක්වත් ප්‍රශ්නයක් නෑ. පූජාභූමිය මැනගන්න ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් තියෙනවානම් ඒවා ඉල්ල ගන්න පුළුවන්. එක එක හොර ඔප්පු හදාගෙන එක එකාගේ හයිය අරගෙන ලෑස්තිවෙන්න එපා. මේවායේ තියෙනවා ඇත්ත කියාල දෙයක්. හැබැයි පුරා වස්තු කියන දේවල් රැකෙන්න ඕන.“

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More