කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින්, නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා යවා ඇත.
තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ.
පසුගිය නොවැම්බර් 24 වැනිදා රැස්වූ කෝප් කමිටුව රාජ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත කාල සීමාව තුළදී වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට එවා නොමැති බවට නිරීක්ෂණය කර තිබේ.
මේ හේතුවෙන් බොහෝ විට ලැබෙන වාර්ෂික වාර්තා වල යල් පැන ගිය තොරතුරු ඇතුළත් වන බවත් ඒ හේතුවෙන් නිසි කාලසීමාවන්හිදී අදාල වාර්තාවල දත්තයන්ට අනුව පියවර ගැනීමට නොහැකි වී ඇති බවත් කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...