දේශීය පුවත්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි ආයුර්වේද රෝහල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රතිකාර කිරීම සදහා යොදාගැනීමට තීරණය කර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මෙම ආයිරුවේද රෝහල ඇදන් 100කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් වන අතර ඒ අනුව අදාල වාට්ටු සංකීර්ණය සහ ඖෂධ නිෂ්පාදනාගාරය නිරීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (2) කටයුතු කළේය. එහිදී රෝගීන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් සහ කාර්යමණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය විශේෂ අවධානය යොමු කළ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් රජය ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් පවතින බවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති සුවිශේෂීත්වය මේ වන විට මුළු ලොවටම පසක් වී ඇති බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, පළාත් ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ඖෂධ නිෂ්පාදානාගරය භාර වෛද්‍ය නිලධාරී දිනේෂ් කුමාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More