ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (02) තහවුරු වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ වෛද්‍ය සිසුවියට ඇති වූ රෝග ලක්ෂණ හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට පැමිණ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගෙන ඇති බවයි.
එම පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල වලට අනුව ඇයට වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍ය සිසුවිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අතර, ඇය මේ වන විට කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
මෙම වෛද්‍ය ශිෂ්‍යයාවගේ ආශ්‍රිතයින් හදුනාගෙන ඔවුන් ද නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...