බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපට සාපේක්ෂව 40%ක දීමනාවක් ලබාදීම සඳහා රුපියල් කෝටි 80කට අධික ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසින් අධිකරණ ඇමැති අලි සබ්රි මගින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
2021 ජනවාරි 01 වැනිදා සිට එම දීමනාව ලබාදීමට හැකි වන පරිදි ප්‍රතිපාදන වෙන් කරන ලෙස රාජ්‍ය ඇමැතිවරිය ඉල්ලා ඇත.
ඒ සඳහා රුපියල් අසූ කෝටි දහතුන් ලක්ෂ විසිනවදහස් හාරසිය හැට හයක මුදලක් වෙන් කරන ලෙස දැනුම් දී තිබේ.
බන්ධනාගාර පද්ධතියේ අධික සිරකරු තදබදයක් පවතින අවස්ථාවක නිලධාරී හිඟයද බරපතළ ගැටලුවක් වී ඇත. එවැනි පසුබිමක බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් ද දැඩි මානසික පීඩනයකින් සිය රාජකාරි ඉටු කරන බැවින් ඔවුන්ගේ රැකියා තෘප්තිය ඉහළනැංවීම, කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීම සඳහාත් මෙම දීමනාව ලබා දීමට යෝජනා වී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ වන විට කාර්ය මණ්ඩලය පන්දහස් හාරසිය හතක් වන අතර, පුරප්පාඩු දෙදහස් දෙසිය හැට තුනක් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...