දේශීය පුවත්

මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ පෙතිි විසිඑක්දහසක පමණ තොගයක් ඇණවුම් කර ගෙන්වා ඒවා මහර බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ ගබඩාකර තිබීම සහ මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්ත්වය ඇතිවීම අතර අතර සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳව විමර්ෂණ කටයුතු සිදුකරණු ලබන බව වාර්තාවේ.

මෙම ඖෂධ මාන්සික රෝගියෙකු නොවන සාමාන්‍ය පුද්ගලයකු පානය කළහොත් මනස විකෘතිවීමේ හැකියාව ඇති බව කියවෙන අතර මෙවැනි ඖෂධ මෙතරම් තොගයක් ඇණවුම් කරනු ලැබුවේ කවුරුන් සඳහාද, එම ඇණවුම් කිරීම සිදු කළේ කවරකු විසින්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන කණ්ඩායම් පුළුල්ව පරීක්‍ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (01 ) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් මත්කුඩු වෙනුවට මෙම මානසික රෝගීන්ට ලබා දෙන පෙති භාවිත කරනු ලබන අතර මහර බන්ධනාගාර සිද්ධිය අවස්ථාවේ බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාව කඩා දැමූ රැඳවියන් එම පෙති වර්ග පානය කර සිට ඇති බව වාර්තාවේ.

මහර බන්ධනාගාරයේ ඉතිරිව සිටි 2400 ක් පමණ වූ රැඳවියන් අතරින් අති විශාල පිරිසක් ඉහත කී මත් පෙති පානය කිරීම නිසා සිරමැදිරිවලින් පිටත බන්ධනාගාර භූමියේ තැන තැන කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබුණි. මේ හේතුව නිසා ඊයේ පස්වරුව වන විටත් මහර බන්ධනාගාරය අරාජිකත්වයට පත්ව තිබූ බව පැවසෙන අතර ඒ නිසාම මහර බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බලධාරීනට නොහැකිව තිබුණි.
තත්වය පාලනය කිරීම පිණිස ඊයේ සවස් කාලයේ සන්නද්ධ සෙබළුන් සහිත ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් බන්ධනාගාරයට ඉහළින් අහසේ පියාසර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. මේ හේතුවෙන් බියට පත්වූ රැඳවියෝ යළි සිරමැදිරි වෙත ගිය බව වාර්තාවේ. ඉන් පසුව පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව බන්ධනාගාරය තුළට ගිය බන්ධනාගාර නිලධාරීහු යළිත් බන්ධනගාරයේ පාලනය මුළුමනින්ම සියතට ගැනීමට සමත් වූහ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතාට අනුව සිද්ධිය සිදුවන අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ දඬුවම් ලැබූ සහ රක්‍ෂිත බන්ධනාගාරගත වූ රැඳවියන් 2782 දෙනකු රඬ්හ්වා සිට ඇත.

ඒ අතරින් මෙම කැරලිකාරී තත්ත්වය ඇති කරනු ලැබුවේ 1600 ක් පමණ වූ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිස වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් බවද හෙතෙම පැවසීය.

මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් රැු`දවියන් සිව්දෙනකු ඊයේ වන විට මරණයට පත්ව තිබූ අතර, ඒ අනුව මියගිය ගණන එකොළොස් දෙනකු බව රාගම රෝහලේ ප‍්‍රකාශකයෙක් ස`දහන් කළේය.

බන්ධනාගාර භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් ඊයේ සවස් වනතුරුම රැු`දී සිටි රැු`දවියන් එකිනෙකාට කළ පහරදීම්වලින් තවත් පිරිසක් තුවාල ලැබීම නිසා තුවාල ලැබූ පිරිස 106 ක් විය.

මෙම සිද්ධියෙන් මහර බන්ධනාගාරයට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ඒ පිළිබ`ද සොයා බැලීම ස`දහා විශේෂ කමිටුවක් පත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඇතිවූ කළහකාරී තත්වයින් පසුව මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙයද මුළුමනින්ම විනාශ වී ඇති නිසා ගෙවීගිය දෙදිනක පමණ කාලය තුළ එහි සිටි සියලූ රැඳවියන්ට වැලිකඩ බන්ධනාගාරයෙන් ආහාර ලබාදීමට කටයුතු කළ බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More