හොරණ දික්හේනපුර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර සිටියේ; දේශපාලඥයන් රටේ වනාන්තර සහ රක්ෂිතයන් මුලුමනින්ම විනාශ කර ඔවුන්ම මුල්වී තමන්ගේ වියදමින් එය නැවත ඇති කළ යුතු බවට තීන්දු තීරණ ගන්නා බවයි.
සිංහරාජය වැනි රක්ෂිත වනාන්තරයක් කපා දමා නැවත සිටුවීමට ලැබේ නම් තමන් වුවද ඊට අකමැති නොවන බවද සභාව සිනා ගන්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
රාජ්‍ය මුදල් අවභාවිතා කළ චෝදනා නැති අයට පමණක්, නාම යෝජනා ලබා දෙන්නැයි මැතිවරණයට පෙර පක්ෂ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කල නමුත් ඒවා නායකයන් සලකන්නේ නැතැයිද ඔහු පැවසීය.
හොරකම් කළ මුදල්වලින් කුට්ටියක් පක්ෂවලටත් යන්නේ දැයි තමන් නොදන්නා බව ද පැවසූ ඔහු ඕනෑම පක්ෂයක් එසේ වන බව ද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...