දේශීය පුවත්

මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනය සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය බහුජාතික සමාගමකට ඉඩ ලබාදී ඇති බවත් ඒවායේ අඩංගු විෂ රසායන පිළිකාකාරක බව නඩු තීන්දුවකින් හෙළිවී ඇති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (30 දා) පැවැසීය.

පාර්ලිමේන්තුවේ පෙරේදා පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයට එකතු වෙමින් එසේ අදහස් දැක්වූ ඇමැතිවරයා එහිදී මෙසේද කීය.

ප‍්‍රතිකාරයක් නොමැති රෝගයකින් මැරෙන පිරිසට වඩා බෝ නොවන රෝගවලින් මිනිසුන් මියයන රටක් බවට අපේ රට පත්වෙලා. බෝ නොවන රෝග එකක් හෝ කිහිපයක් තිබුණු අය තමයි කොවිඞ් හැදිලා වැඩිපුර මැරෙන්නේ. පිළිකාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලට ඒ අය ගොදුරුවෙලා තිබෙනවා.

බෝ නොවන රෝග සහ මිනිසුන්ගේ ආහාර සංස්කෘතිය සහ ජීවන රටාව අතර ලොකු සබඳතාවයක් තිබෙනවා. ඒ පැතිකඩවල් දෙකම වෙළෙඳපොළ බලවේග විසින් පාලනය කරනවා. ඒ වෙළෙඳපොළ බලවේග දුවන්නේ ලාභය මතයි.

කෘතීම රසායන පොහොර මව් කුසේ බිහිවන කලලය විනාශ වෙන්නටද හේතු වන බව වාර්තා වෙනවා. බෝ නොවන රෝග මෙතරම් වර්ධනය වෙලා තිබෙන්නේ ආහාර නමින් අපේ දරුවන්ට අපි කවන්නේ විෂ නිසයි. කෘතිම රසායන පොහොර, කෘෂි නාශක, බහුල ලෙස අද රටේ භාවිත වෙනවා. ඒත් වෙළෙඳපොළ ඒකාධිකාරය ජනතාව රවටනවා. ඇත්ත හංගනවා.

ශරීරයට හානිකර සබන් වර්ග පිළිබඳව උසාවිවල නඩු තිබුණා. ඒත් ඒ නඩු ප‍්‍රතිඵලයත් මාධ්‍යවල පළ වුණේ නැහැ. ඒවා එතරම් ප‍්‍රබලයි. ඒ සබන් පිළිකාකාරකයි, හානිකරයි කියලා නඩු තීන්දුවෙන් කියවුණා. කෝ පුවත්පත්වල පළ වුණාද? නැහැ.

ලංකාවේ ඇඟ ගල්වන සබන් කැටයක ටීඑෆ්එම් අගය සියයට 76.5 ඉක්මවා තිබිය යුතුයි. එය ප‍්‍රමිතියේ අඩංගු කොන්දේසියක්. ටීඑෆ්එම් අගය 76.5 ට වඩා අඩුනම් එය සබන් ලෙස හඳුන්වන්න බැහැ. ඒවා හඳුන්වන්නේ ‘බේතින් බාර්’ කියලා.

ඒත් අපි සබන් කියලා ඇෙඟ් ගාන ‘බේතින් බාර්‘ කැටයක ටීඑෆ්එම් අගය සියයට 40 ට වඩා අඩුවෙන්න පුළුවන්. රෙදි සේදීමට ගන්නා සබන් කුඩුවල ටීඑෆ්එම් අගය සියයට 59 යි. ලංකාවේ පාරිභෝගිකයාට මේ ටීඑෆ්එම් අගය ගැන අවබෝධයක් නැහැ. ඒ අනවබෝධය අර දැවැන්ත බහුජාතික සමාගම ජනතාව රවටන්න භාවිතා කරනවා.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයත් සම්බන්ධ කරගෙන එම ආයතනය 2001 වසරේදී ‘බේතින් බාර්’ නමින් නව එස්එල්එස් ප‍්‍රමිතියක් රටට හඳුන්වා දෙනවා. කෘතිම සේදුම් කාරක යොදාගෙන වඩාත් හොඳ නිෂ්පාදනයක් ලබාදීම සඳහා එය හඳුන්වාදුන් බව ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය එයට හේතුව ලෙස එහිදී ප‍්‍රකාශ කරනවා.

ඒත් එහිදී සිදුවුණේ ‘බේතින් බාර්’ වල ටීඑෆ්එම් අගය විශාල ලෙස අඩුවීමත්, පහළ යන ටීඑෆ්එම් අගය වෙනුවට කෘතීම සේදුම්කාරක සියයට 2 ක් වශයෙන් එකතු කිරීමයි. එහිදී ලොව ප‍්‍රබල සේදුම් කාරකයක් වන එල්එච්එස් නම් සේදුම් කාරක කාණ්ඩයට අයත් සේදුම්කාරක ඇතුළත් කරන්න අවසර දෙනවා. ඒ කෘතිම රසායනය ලංකාවට වැඩිපුරම ගෙන්වන්නෙත් ඉහත කී දැවැන්ත සමාගම විසිනුයි. ඒවා ඩිෂ් වොෂ් සඳහා යොදා ගත්තා.

ඉන්පසුව එම සමාගම මිලෙන් අඩු, විෂෙන් වැඩි විෂ සේදුම් කාරක මේ ‘බේතින් බාර්’ වලට එකතු කරා. ප‍්‍රමිති ආයතනය මේ දේවල්වලට දොර හැරලා දුන්නා.

2000 වසර වෙනකම් සබන් කැටයක් ලෙස තිබුණු ඔවුන්ගේ නිෂ්පාදනවල දැන් පොඩියට දානවා ‘බේතින් බාර්’ කියලා. එතැන් සිට එය සබන් කැටයක් ලෙස නොවේ හඳුන්වන්නේ. ඉහත කී රසායන ද්‍රව්‍ය සියයට 3.1 සිට සියයට 5.1 දක්වා ඊට එකතු කළා. 1920 ඒ කියන්නේ සුද්දගේ කාලේ ඉඳන් මේ සබන් අපේ වෙළෙඳපොළේ තිබුණා. ඒත් දැන් ඒවා ‘බේතින් බාර්‘ වෙලා. සබන් වෙළෙඳ පොළේ ආධිපත්‍යය මේ අය දැන් පතුරවලා ඉවරයි. පොඩියට බේතින් බාර් කියලා ගැහැව්වට අපට එය දැන් දැනෙන්නේ නැහැ. බේතින් බාර්වලට මුවාවෙලා මිනිසුන්ගේ ඇඟ ගල්වන්න විෂ සහිත සබන් දෙන්න ඒ අය කි‍්‍රයා කරනවා.

මේ සේදුම්කාරකය ලොව කොහේවත් සබන්වලට භාවිත වෙන්නෙ නැහැ. ඩිස් වොෂ්, කාර් වොෂ්, කාර්පට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා තමයි මේ සේදුම්කාරක යොදාගන්නේ. නිවෙස්වල භාණ්ඩ පිරිසිදු කරන්න යොදාගන්නා සේදුම්කාරක වලත් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ සියයට 4 ක පමණ ප‍්‍රමාණයක් පමණයි. ඒත් මේ බේතින් බාර්වල සියයට 3.1 සිට 5.1 දක්වා ඒවා අඩංගු වෙනවා. ලොව ප‍්‍රකට සඟරාවක දැක්වෙනවා මේ එස්ඞීබීඒඑස් රසායනය සියයට 4 කට වඩා අඩංගු නිෂ්පාදන මිනිස් සමට සහ ඇස්වලට හානිකර බව. පර්යේෂණ මගින් එය සනාථ වෙලා තිබෙනවා.

මෙතරම් විෂ සබන් කැට මිනිසුන්ගේ ඇෙඟ් ගාන්න දීලා බලන් ඉන්න ලෝකයේ එකම රට ලංකාව විතරයි. එම සමාගමට ලංකාවේ පාරිභෝගිකයාව පේන්නේ කාර්පට් එකක් විදිහටයි. ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් මේවට ලැජ්ජා වෙන්න ඕන. මේ තමයි සුදු කරපටි සත්තු. මිනිස්සුන්ගේ ජීවිත ගැන තකන්නේ නැති, මිනිස්සුන්ගේ ඉරණම ගැන සිතන්නේ නැතිව, තමන්ගේ ළමයින්ව පිටරට උගන්වන්න යවන්න තමයි මේ වගේ බිළිදීම් කරන්නේ.

මං මේ පිළිබඳව ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡුා කරා. ඒත් ඒ අය පිළිගන්න කැමති නැහැ. නඩුවකින් තීන්දුවෙලා තිබෙනවා මේ සබන් මිනිසුන්ට අහිතකරයි කියලා. ඒත් ප‍්‍රමිති ආයතනය එය

පිළිගන්න කැමතිත් නැහැ. ඒ වැරදි නිවැරදි කරන්න කටයුතු කරන්නෙත් නැහැ.

මේ සභාවේ සිටින අපට වගකීමක් තිබෙනවා මේවා නිවැරදි කිරීමට. පිරිපහදු නොකරපු ෆාම් තෙල් මේ රටට එනවා. පොල් තෙල්වල වැඩිපුර තිබෙන්නේ මේ විෂ අඩංගු ෆාම් තෙල්. තිරිඟු පිටි පරිභෝජනය අපේ රටේ වැඩියි. දරුවෝ දියවැඩියාවට ගොදුරු වෙලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More