ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසන්නේ; නිෂ්කාශණ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ ඇතිවී තිබෙන තදබදය විසඳීම සඳහා තවත් සතියක පමණ කාලයක් ගතවෙනු ඇති බවයි. මේ වනවිට; කොළඹ වරාය සේවකයන් 30ට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයට ගොදුරුවීම මෙම ප්‍රමාදය සඳහා ප්‍රබලවම බලපා තිබේ.
භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 20,000 කට අධික ප්‍රමාණයක් තවමත් රඳවා තබා ඇති බව සභාපතිවරයා පවසයි. මෙම තත්වය හේතුවෙන් නව බහාලුම් වරාය තුල රඳවා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
මිට සති කිහිපයකට පෙර වරායේ පැවති තදබදය හේතුවෙන් ඇතුවූ ප්‍රමාදය නිසා සමහර නැව් වරාය වෙත නොපැමිණීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිය හැකි බවට මත පලවිය. වරාය සේවකයින්ගේ හිඟය හේතුවෙන් බරපතල ප්‍රමාදයක් පවතින බැවින් කෙලින්ම කොළඹට පැමිණීම වෙනුවට ගමනාන්ත වෙනතකට හරවන ලෙස අධිකාරිය විසින් සමහර යාත්‍රාවලින් ඉල්ලා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...