ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුළු යුද අපරාධ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍යයේ ‘කුලී හේවායන්’ පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන ‘කීනිමීනි’හි (Keenie Meeni) ආරක්ෂකයන් සම්බන්ධයෙන් මෙලෙස මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මේ සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍ය වේදියෙකු වන පිල් මිලර් සම අධ්‍යක්ෂකයෙකු වශයෙන් දායක වන වාර්තා ච්‍රිත්‍රපටයක් ද නිර්මානය කොට තිබෙනවා. මෙම ච්‍ත්‍රපටයට පාදක වී තිබෙන්නේ (Keenie Meeni) ආරක්ෂකයන් 1980 දශකයේදී ඊලාම් යුද්ධය වෙනුවෙන් ලබා දුන් දායකත්වය පිළිබඳවයි. මෙම සිනමා පටය මගිිිින් බ්‍රිතානය රජය අනාවරණය නොකල රහසිගත කරුණු රැසක් අනාවරණය වන බව පිල් මිලර් පවසා සිටිනවා.
පිල් මිලර් ගේ පැහැදිලි කිරීම් පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...