දේශීය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියකට අනුව; ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇත. මෙය ඉදිරි පැය 06 තුළදී “ගැඹුරු පීඩන අවපාතයක්” බවට පත්වී ඊට පසුව එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී. මෙම පීඩන අවපාතය නම් කර ඇත්තේ “බුරවි” නමිනි.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02)දින සවස් කාලයේදී ඇතුළුවිය හැක.

මෙම තත්වය යටතේ, නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි වර්ෂාපතනයක් ද ඇතිවිය හැක.

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර; වයඹ පළාතේ තැනින් තැන වැසිද, දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැ.කි.මි.(30-40) පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More