විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) දින පාර්ලිමේන්තුවේ අවධානය මහර බන්ධනාගාරය තුළ උද්ගතවූ තත්වය පිළිබඳව යොමු කරවමින් ප්‍රකාශ කර සිටියේ ස්වාධීන කමිටුවක් පත්කර ඒ ඔස්සේ විමර්ශනයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් විමර්ශනයක් සිදුකරන බව බන්ධනාගාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇතත් එවන් විමර්ශනයකින් සත්‍ය හෙළිකර ගැනීමට හැකියාවක් නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය විමර්ශණය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත්කර ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා විසින් කළ දැනුම් දීමට අදාලව බන්ධනාගාර ඇමතිණිය කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කර තිබේ.
එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව දහසකට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මහර බන්ධනාගාරය තුළ 183 දෙනෙකුගෙන් යුත් කොවිඩ් පොකුරක් නිර්මාණය වූ ආකාරය ද විමර්ශනය කර ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වහාම පියවර ගතයුතු බවත් රට තුළ අනෙකුත් ඕනෑම තැනක මෙන්ම බන්ධනාගාර තුළත් සිටින ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමට යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත් හැසිරීමක් නිසා ඇතිවූ පරිපාළනමය දෝෂයක් බලපා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 30 දින මාධ්‍ය අමතමින් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...