දේශීය පුවත්

රාජිත සේනාරත්න මහතා දක්ෂ හොරෙක් බවත් පිළිකා රෝග ඖෂධ සම්බන්ධයෙන් පමණක් ඔහු රුපියල් බිලියන 5කට වැඩි අලාභයක් රජයට සිදු කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමනය රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී පැවසීය.

එහිදී “හාර්ට්කැඩ්” නම් රුසියානු පිළිකා ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සිදු වූ වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ මහාචාර්ය ජයසුමන මහතා, රාජිත සේනාරත්න විසින් පත්කරන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම වංචාවට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි ගෙනහැර දැක්වීය.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් හිටපු අමාත්‍යවරයාට හොරෙක් ලෙස නොපවසන ලෙස පැවසීය. එහෙත්, මහාචාර්ය ජයසුමන මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහත මතු කළ රීති ප්‍රශ්නය නොතකා සිය කතාව අවසන් කළේ රාජිත සේනාරත්න හොරෙක් නොව “නීලකාස හොරෙක්” බව පවසමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More