ප‍්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි දත්ත විශ්ලේෂකයෙකු වන Matt Braynard සමඟ එක්වූ Thomas More Society නම් මධ්‍යස්ථ සමාජ සංවිධානයක Amistad Project ව්‍යාපෘතිය මඟින් කරන ලද විශ්ලේෂණාත්මක සංගණනයකින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට FBI ආයතනය සූදානම් වන බව වාර්තාවේ.

ඔවුන් සාක්ෂි සහිතව පෙන්නුම් කරන්නේ ප්‍රකාශිත බයිඩ්න්ගේ ජයග්‍රාහී ප්‍රතිඵල තුළ ලක්ෂ ගණනින් එකතු වූ හොර ඡන්ද ඇති බවයි.

ඒවා අතරින් මිචිගන්, මිනසෝටා, විස්කොන්සින්, පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත වල ප්‍රතිඵල පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට FBI ආයතනය උනන්දුවක් දක්වන බව වාර්තාවේ.

ඉරිදා (29) දින ට්‍රම්ප් FBI ආයතනය සහ ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විවේචනය කරමින් ඔවුන් ඉතා “අලස” ලෙස තම වගකීම් පැහැරහැර ඇති බවට චෝදනා කර තිබුණි.

ඒ අතර ඇරිසෝනා ප්‍රාන්තයේ ලේකම් වරයා බයිඩ්න්ගේ ජයග්‍රහණය ස්ථිර කිරීමට සූදානම් වන නිසා, Matt Braynard ප්‍රකාශ කර තිබුනේ ඔහු විසින් මෙම දත්ත අරිසෝනා ප්‍රාන්තයේ පාර්ළිමේන්තු සභිකයින්ට ඉතා ඉක්මනින්ම ලබා දීමට කටයුතු කරන බවයි.

ට්‍රම්ප් අවසාන වශයෙන් පවසා සිටින්නේ ඔහුගේ මෙම නීතිමය ක්‍රියාමාර්ග අසාර්ථකව දෙසැම්බර් මස රැස්වන එරට මැතිවරණ අංශ බයිඩ්න්ගේ ජයග්‍රහණය ප්‍රකාශ කළහොත් ඔහු බයිඩ්න්ට රට භාර දී ඉවත්වන බවයි. කෙසේ වුවද ඔහු පවසා සිටියේ එසේ වූවහොත් එය බරපතළ වරදක් මෙන්ම එය තුන්වන ලෝකයේ මැතිවරණයක් හා සමාන වනු ඇති බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/usa/508172-fbi-illegal-ballots-braynard/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More