දේශීය පුවත්

ඊයේ(29) දින සවස් කාලයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් යොදවා ඇති බව වාර්තාවේ.මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිත බව පැවසෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මට්ටමින්ද මූලික පරීක්ෂණයක් සිදුකිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ. මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද සිදුකෙරෙමින් පවතී.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් රැඳවියන් පිරිසක් විසින් ඇතිකල ගැටුම්කාරී තත්වය හේතුවෙන් මේවන විට රැඳවියන් 08 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇත. එලෙසම බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටා ඇති බන්ධනාගාර අධිකාරී කාර්යාලය, ගබඩාව, මුළුතැන්ගෙය ඇතුලු ස්ථාන කිහිපයකටද රැඳවියන් විසින් ගිණිතබා ඇත. මෙම තත්වය ඇති කිරීමට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් සහභාගීවී ඇති බව අනාවරණය වී ඇති අතර එහි රඳවා සිටින අච්චු සිරකරුවන් පිරිසක් සමගද ඔවුන් ගැටුමක් ඇතිකරගෙන තිබේ. තහනම් මත්ද්‍රව්‍ය ව්ලට ඇබ්බැහිවූ රැඳවියන් පිරිසක් විසින් මෙම ගැටුම්කාරි තත්වය ඇති කර ඇති ඇති අතර මේ සදහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳවත් සොයා බැලීමට නියමිතය.

තත්වය මේවන විට සම්පූර්ණයෙන්ම පාලනයකොට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More