දේශීය පුවත්

කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලීසිය පවසයි.

මරණයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More