බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන “මත් පෙත්තක්” බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවයි.
මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට “ලේ දැකීමට” අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි.
කෙසේ හෝ මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය මගින් ජනාධිපතිවරයා ඇතුළු රජය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට ලක් කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...