දේශීය පුවත්

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

මේ පොකුර ඇතිවූ ආකාරය මෙම සිද්ධියට හේතු මොනවාද යන්නත් වෙනමම සොයා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ බෝගම්බර බන්ධනාගාරයේද මෙවැනි සිදුවීම් ඇතිවන බව පෙන්වා දුන්නේය.

මේ අතර මේ පිළිබඳ අදහස් දක්වමින් බන්ධනාගාරවල සිටින ආසාදිතයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගත් බවත් ප්‍රතිකාර ආදී සියලු දේ ඔවුනට ලබාදුන් බවත් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට අධිකරණ ඇමැති සමග සාකච්ඡා කර මත්ජාවාරම්කරුවන් හා භාවිත කරන්නන් ලෙස දඬුවම් ලැබූවන් අවම වරදවල් කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කර ඇප ලබාදීමට කඩිනමින් කටයුතු යොදන බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට මහර ඇතිවූ සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයිද මේ පිළිබඳ සොයා බැලීමට රජයට මෙන්ම බන්ධනාගාර අමාත්‍යංශයට ද අවශ්‍ය බවත් මෙයට සම්බන්ධ කවුද යන්න සොයා ඉදිරියේදී මෙවැනි තත්ත්ව අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරිය කියා සිටියාය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More