දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් පස් දෙනා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇත.

වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නැති නිසා තමන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වෛද්‍ය සභා ආඥාපනත උල්ලංඝනය කිරීමක් බවද හිටපු සාමාජිකයෝ පවසති.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍යවරුන් වන පුෂ්පිත උබයසිරි, සුනිල් රත්නප්‍රිය, උපුල් ගුණසේකර යන සාමාජිකයන් පස් දෙනා මෙලෙස ඉවත් කර තිබේ.

වෛද්‍ය සභා ආඥාපනතට අනුව සෞඛ්‍ය ඇමැතිවරියට සාමාජිකයන් පත්කිරීමට හැකි වුවත් ඉවත් කිරීමේ බලයක් නොමැති බව එම සාමාජිකයෝ ප්‍රකාශ කරති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මතුව ඇති ගැටලු විමර්ශනය කිරීම සඳහා වෛද්‍ය හේමන්ත පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම සාමාජිකයන් ඉවත් කළ බව සෞඛ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය ප්‍රමාද කිරීම, විදේශ උපාධිධාරීන්ගේ විභාගය කල් දැමීම, විනය ක්‍රියාමාර්ග සිදු කිරීමේ දී අකටයුතුකම් සිදු කිරීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන්ට ඊ.ආර්.පී.එම් විභාගය ලිවීමට අවස්ථාව ලබා දීම, විදේශ විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම නිසි පරිදි සිදු නොකිරීම යන චෝදනා සඳහා මෙම සාමාජිකයන් වැරැදිකරුවන් බව කමිටුව නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාමාජිකයන් 25 දෙනකුගෙන් සමත්විතය. සෞඛ්‍ය ඇමැතිවරියට සාමාජිකයන් පස් දෙනෙකු පත් කළ හැකිය. සාමාජිකයන් විසි දෙනකු පත්වන්නේ නිලවරණයෙනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායකය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More