මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු මේ වන විට රෝහලේ ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි.
එසේම තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රෝහලට ඇතුළු කර තිබේ.
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බවත්, එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවත් ඇය කීය.
මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.
මේ අතර දහවල් මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
ඊයේ (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සදහා විශේෂ කාර්ය බළකායද කැදවා තිබිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...