දේශීය පුවත්

පීසීආර් පරීක්‍ෂණ සඳහා බොහෝ පුද්ගලයන් ඉදිරිපත් නොවීමත්, ඉදිරිපත් වූ අයගෙනුත් කොටසක් ව්‍යාජ නම්, ලිපින හා දුරකථන අංක ලබාදී තිබීමත් නිසා බණ්ඩාරගම, අටලූගම කොරෝනා පොකුර පාලනය කර ගැනීමට අපහසුවී ඇතැයි කළුතර දිසා ලේකම් ප‍්‍රසන්න ගිනිගේ මහතා ඊයේ (29දා) පෙරවරුවේ පැවැසීය.

පීසීආර් පරීක්‍ෂණ වලින් තහවුරු වන රෝගීන් පවා කඩිනමින් රෝහල්ගත කිරීමට මෙම තත්ත්වය නිසා අපහසුවී ඇති බවත් පෙරේදා (28දා) සවස වනවිට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 282 ක් වාර්තා වී ඇති බවත් ඉන් 207 ක්ම අටලූගම ප‍්‍රදේශයෙන් වාර්තා වන බවත් ඒ මහතා කීය.

තමාත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතාත්, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් එම ප‍්‍රදේශය තුළ පිහිටි මුස්ලිම් දේවස්ථාන දහයටම ගොස් ඒවායේ මව්ලවිවරුන් හමුවී පීසීආර් පරීක්‍ෂණ සඳහා පිරිස් යොමු කරන ලෙස ඉල්ලා සිටි බවද කළුතර දිසා ලේකම්වරයා කීය.

රෝගීන් හඳුනාගැනීමේ පරීක්‍ෂණ සඳහා ප‍්‍රදේශවාසීන් සහාය දැක්වීමේ මදකම හේතුවෙන් දිනෙන් දිනම එම ප‍්‍රදේශයේ රෝගීන් වැඩිවන බවත් මේ නිසාම රෝගය පාලනය කර ගැනීම අපහසුවී ඇති බවත් ඒ මහතා කීය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට අමතරව මෙම ප‍්‍රදේශයේ සංචරණය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 150-200 ක් අතර සංඛ්‍යාවක්ද ඊට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බවත් කී ඒ මහතා මේ හේතුව නිසා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතිවාක් මෙන්ම නිලධාරීන්ට දැඩි වෙහෙසකර තත්ත්වයක් ඇති කිරීමටද හේතුවී ඇතැයිද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More