දේශීය පුවත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වෙත අදහස් දක්වමින්, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් පවසා සිටී.

ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර හුදකලා කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යයෙන් තොර බවයි.

අග්‍රාමාත්‍යය ලේකම්වරයාගේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බව ඔහුගේ අදහස යැයි පවසා තිබේ.තමාට කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට රොහාන් වැලිවිට මහතා කිසිදු අයිතියක් නැති බවත් අවධාරණය කරයි.

අරලියගහ  මන්දිරයේ කාර්යාලයක තමන්ද කටයුතු කරන බව රොහාන් වැලිවිට මහතාගේ නිවේදනයේ ඇතත් තමන්ට එවැනි කාර්යාලයක් අරලියගහ මන්දිරයේ නොමැති බව පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More