ප‍්‍රධාන පුවත්

පසුගිය සිකුරාදා (27දා) ටෙහෙරානයට ආසන්නයේ දී සිදු වූ ඉරානයේ න්‍යෂ්ඨික විද්‍යාඥ, වයස අවුරුදු 62ක් වූ Mohsen Fakhrizadeh ගේ ඝාතනය පිළිබඳ ඉරානය බරපතළ ලෙසම ඊශ්‍රායලයට චෝදනා කරන තත්වයක් තුළ ඔහු කව්දැයි විමසා බැලීම වටී.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ (Islamic Revolutionary Guard Command) බ්‍රිගේඩියර් වරයෙකු වූ ඔහු එරට ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික කටයුතු අතර එහි භෞතික විද්‍යා පර්යේෂණ අංශයට (Physics Research Center) සම්බන්ධ වීමෙන් අනතුරුව ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනේ ප්‍රබල ක්‍රියාකාරී න්‍යෂ්ඨික විද්‍යාඥයෙකු වෙමින් ඝාතනයට ලක් වන අවස්ථාව වන විට එරට න්‍යෂ්ඨික වැඩසටහනේ පර්යේෂණ සහ නවෝත්පාදන ආයතනයේ [Research and Innovation Organization (RIO)] නායකයා ලෙස කටයුතු කළේය.

කෙසේ වුවද 2018 අප්‍රේල් මාසයේදී ඊශ්‍රායල අගමැතිගේ බරපතළ චෝදනාවට ලක්වන ඔහු 2020 ජුනි මස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද චෝදනාවට ලක්වන්නේ ඉරානයේ න්‍යෂ්ඨික ආයුධ නිපදවීමේ සැඟවුනු මහ මොලකරු ඔහු බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:
https://www.rt.com/op-ed/508113-israel-biden-war-iran/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More