“ශ්‍රී ලංකාවේ විශේෂ මහාධිකරණය” විසින් කරන ලද නියෝගයකට අනුව; අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය 2019 සැප්තැම්බර් මස 10 වන දින කරන ලද ඉල්ලීම සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
සිංගප්පූරුවේ නීති අනුව; අර්ජුන් මහේන්ද්‍රන් වරදක් කර ඇති බවක් නිශ්චය කිරීමට ශ්‍රී ලංකාව විසින් මහේන්ද්‍රන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති සාක්ෂි අනුව හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට, අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට, “සිංගප්පූරු නීතිපතිගේ මණ්ඩළය” (Singapore Attorney General’s Chambers) විසින් දන්වා එවා ඇත.
2015 පෙබරවාරි 15 දින සිදු කළ රුපියල් බිලියන 10.058ක භාණ්ඩාගාර බිල්පත් මිළදී ගැනීම සාමුහික ක්‍රියාවලියක් වන අතර එහිදී අර්ජුන් මහේන්ද්‍රන්ට පමණක් චෝදනා එල්ල කිරීම සැලකිල්ලට ගත යුතු වන බව ද ඔවුන්ගේ පිළිතුරෙහි සදහන් වේ.
එමෙන්ම ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගෙන් සහ ටෙන්ඩර් මණ්ඩලයේ බොහෝ සාමාජිකයින්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්ණ කිරීමකින් තොරව පර්යේෂකයින් මහේන්ද්‍රන් පමණක් තනිකොට ඔහුට චෝදනා එල්ල කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වූ බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම පිළිතුර 2020 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතත්, මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එය “විශේෂ මහාධිකරණයට” දැනුම් දී නොමැති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව අධිකරණ ඇමති අලි සබ්‍රී පවසන්නේ මෙතෙක් ඒ පිළීබඳව කිසිවක් ඔහු නොදන්නා බවත් එය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා බැලිය යුතු බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...