කොවිඩ් 19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා සායනික මුහුණු ආවරණ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි.
නමුත් 2019 වර්ෂයේ මෙරටට ආනයනය කර ඇති සායනික මුහුණු ආවරණ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 32ක් වෙයි. මෙම වසරේ ආනයනය කර ඇති මුහුණු ආවරණ ටොන් 585ට දළ වශයෙන් මුහුණු ආවරණ කෝටි 14ක් ඇතුළත් බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
ආනයනකරුවන් 580ක් විසින් මෙම මුහුණු ආවරණ ආනයනය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ආනයනය කළ මුහුණු ආවරණද මේ අතර වේ. එලෙස ගෙන්වන ලද මුහුණු ආවරණ වරායේ සහ ගුවන්තොටුපොළේ රඳවා ඇති අතර එම ප්‍රමාණය කෝටියකට ආසන්න බවද අනාවරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල්වලට දිනකට සායනික මුහුණු ආවරණ දෙලක්ෂ පනස් දහසක් අවශ්‍ය වෙයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මුහුණු ආවරණ මිලියන හයක් දෛනිකව පරිසරයට මුදා හරින බවයි.
කෙසේ වෙතත් ආනයනය කර ඇති මුහුණු ආවරණ අතර කේ.එන් 95 සහ එන් 95 කොපමණ තොගයක් දැයි ශ්‍රී ලංකා රේගුව මෙතෙක් ගණනය කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...