දේශීය පුවත්

හෙට අළුයම 5.00 සිට දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ, මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම පොලිස් බල ප්‍රදේශ හෙට අළුයම 5 සිට හුදෙකලා බවින් මුදා හරිනු ඇත.

එහෙත් මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස තවදුරටත් හුදෙකලා තත්වයේම පවතින බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර වැල්ලම්පිටියේ රන්සඳ සෙවන නිවාස සංකීර්ණය ,සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නීය.

ඇයට අනුව උගුර කන නාසය පිළිබඳ ඒකකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මහනුවර මහ රෝහලේ සෙසු ඒකක සහ අංශ වල කටයුතු සුපුරුදු පරිදි පවත්වන බවද ඇය අවධාරණය කළාය.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා ඇති බව වාර්තා වේ. මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා වන අතර එම ප්‍රදේශවලින් කොවිඩ්19 වෛරසය ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇති බව පැවසේ. එම ග්‍රාම සේවා වසම් තුළ ජීවත්වන ජනතාවට සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More