ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ප්‍රශ්න කරණු ලැබීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසා සිටියේ 2015 වසරේ දී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගල පාපොච්චාරණයක් සාක්ෂි ලෙස පදනම් කරගෙන පමණක් බව යන්නයි.
කේසේ වුවද අභියාචනාධිකරණය විසින් එම පාපොච්චාරණය සාක්‍ෂියක් ලෙස බාර ගත නොහැකි බවට නඩු තීන්දුවක් ලබා දී ඇති බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසා සිටියේය.
පාපොච්චාරණය මත පදනම් වූ එකම සාක්ෂියත් ප‍්‍රතික්‍ෂෙප වූ පසු පිල්ලෙයාන් මන්ත‍්‍රීවරයාට එරෙහිව කිසිදු සාක්‍ෂියක් නැති බව පැවසූ ඇමැතිවරයා සාක්ෂි කිසිවක් නැතිව මන්ත‍්‍රීවරයා තවදුරටත් සිරගත කර සිටිය නොහැකි බව අවධාරණය කළේය.
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත‍්‍රීවරයා මනුෂ්‍ය ඝාතන චෝදනාවක් මත වසර පහක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මේ වන විට ඇප මත මුදා හැර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...