දේශීය පුවත්

විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 78 දෙනෙකු ද, මාලදිවයිනේ මාලේ සිට 69 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට 45 දෙනෙකු ද,ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 04 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි පිරිස පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර තිබූ අතර ,නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත මෙම පිරිස යොමු කර තිබේ.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී විවිධ කරදර වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් කාර්යය මණ්ඩලයක් මගින් සිදු කළ අතර නිරෝධායන කටයුතු සදහා රජයේ මධ්‍යස්ථාන වෙත මෙම පිරිස රැගෙන ගොස් තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More