දේශීය පුවත්

විවාදයට තුඩු දී තිබෙන “බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ්” ආයතනයේ පාඨමාලා අතරට ශරියා නීතිය ඇතුළත්ව තිබුන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය 27 දින පැවසීය.

ඉදිරියේදී බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනය සඳහා භාවිත කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරමින්, මිනිස් ජීවිත 350කට අධික සංඛ්‍යාවක් අහිමි කළ ප‍්‍රධාන ත‍්‍රස්තවාදීයා වන සහරාන් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයන් ද බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට සම්බන්ධව ක‍්‍රියා කළ බව පැවසූ කාවින්ද ජයවර්ධන මහතා එම පුද්ගලයන් එම්.එස්.ඞී.ආරක්ෂාව යටතේ සාක්ෂි දීමට ජනාධිපති කොමිසමට පැමිණෙන්නේ කෙසේද? යන්න පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළේය.

අන්තවාදීන් පෝෂණය කළේ පසුගිය රජය බවත්, එහි ප‍්‍රතිවිපාක වර්තමානයේදී බුක්ති විඳීමට සිදුව ඇති බවත්, ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහි දී ප‍්‍රකාශ කළේය.

මේ අතර,වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්.මරික්කාර් මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ජාතික පාසල් අලූතින් ආරම්හ කිරීමේ දී එකඳු ජාතික පාසලක් හෝ නොමැති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

පළාත් සභා ක‍්‍රමය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බැවින්, එම මැතිවරණය පවත්වන තුරු පළාත් සභා පාසල් පිළිබඳව මධ්‍යම රජය විශේෂ අවධානයකින් පසුවන බව ද එස්.එම්. මරික්කාර් මහතාට වැඩිදුරටත් පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More