දේශීය පුවත්

ත‍්‍රස්තවාදීන් සහ අන්තවාදීන් එකම පිරිසක් බවත් එම දෙපිරිසම ත‍්‍රස්තයන් ලෙස සලකා කි‍්‍රයා කරන ලෙස නව මහජන ආරක්ෂක කැබිනට් ඇමැති සරත් වීරසේකර මහතා පොලිසියට නියෝග කර ඇත.

මෙතෙක් මෙරට නීතිය පවා කි‍්‍රයාත්මක වූයේ අන්තවාදීන් යනු ත‍්‍රස්තවාදීන් නොවන ලෙසින් බව ද හෙතෙම ‘ඉරිදා දිවයින’ට පැවසීය.

ත‍්‍රස්තයන් සහ අන්තවාදීන් යනු එකම පිරිසක් ලෙසින් තමා හඳුන්වන බව ද වීරසේකර මහතා සඳහන් කළේය.

මින්පසු ත‍්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට මෙරට යළි කි‍්‍රයාත්මක වීමට කිසිසේත් ඉඩ නොදෙන අතර, සෑම ගමකම නව සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා තොරතුරු ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවත් රියර් අද්මිරාල්වරයා සඳහන් කළේය.

ත‍්‍රස්තයන් හා අන්තවාදීන් ගැන තොරතුරු තමා වෙත සෘජුව දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

අන්තවාදීන් හා ත‍්‍රස්තයන් බේරා ගැනීමට දේශපාලකයන් උත්සාහ කරන්නේ නම් තමාට වහාම දන්වන ලෙසට ද ඇමැති සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More